“Fly Geyser” නමින් හදුන්වන මෙම ස්ථානය පිහිටා තිබෙන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ Hualapai Flat Washoe County, Nevada නම් ප්‍රදේශයේ. මෙය කුඩා ප්‍රමානයේ භූ උෂ්ණත්ව උණුදිය උල්පතක්.
මෙම ජායාරූප පෙල දුටුව පමනින් අපේ සිහියට නැගෙන්නෙ ඇත්තටම මෙය වෙනත් ග්‍රලොවක් පිහිටි තැනක් හරි විද්යා ප්‍රබන්ධ චිත්‍රපටයක් කියල නමුත් ඇත්තටම මෙය අපේ මිහිතලය මත ස්වභාවිකවම පිහිටි ස්ථානයක්.
නමුත් මෙහි හට ගැනීම 1916 දී පමන ළිදක් කැනීමකදී සිදුවූ අහඹු සිදුවීමක්,පලමු උණුදිය උල්පත එසේ ඇතිවීමෙන් පසුව එම ස්ථානය ආසන්නයෙන්ම තවත් පොලොවේ පිහිටි දුර්වල ස්ථාන ඔස්සේ ජලය ඉහල පැමිනිමෙන් තවත් උණුදිය උල්පත් කිහිපයක්ම වර්ථමානය වනවිට එම ස්ථානයේ දැක ගත හැකියි.මෙම ජලය නිරන්තරයෙන්ම මීටර 1.5 පමන ඉහලට විදිමින් පවතින බව සදහන් .නිරන්තරයෙන් ගලන ජල කඳ නිසා මෙම හෙක්ටයාර 30 පමන භූමි භාගය පුරා ජල තටාක විශාල ප්‍රමනයක් දැක ගත හැකියි.
මෙම ජලයේ ඛණිජ වර්ග අඩංගු වීම නිසා මෙම ජලය විවිද පැහැයන්ගෙන් යුක්තයි විශේෂයෙන් sulfur dioxide.තවද මෙම ජලාශ්‍රිත ප්‍රදේශය එයටම සුවිශේෂවූ පරිසර පද්ධතියකින්ද සමන්විතයි.
තවත් තොරතුරු දැනගැනීමට




No comments:
Post a Comment